#51 - Interstellar (2014) with Chanaka Colombage

Interstellar (2014) සාකච්ඡාව with Chanaka Colombage------------------------------------------------------------------ Christopher Nolan ගේ Interstellar ෆිල්ම් එක ගැන සාකච්ඡාවට අදත් මාත් එක්ක එකතු වෙන්නේ Memento, Donny Darko වගේ තේරුම්ගන්න ටිකක් අමාරු ෆිල්ම්ස් Review කරන්න එකතු වුනු චානක කොළඹගේ. චානක, "සිනමාවෙදීන් - The Cinema People" Facebook Group එක වෙනුවෙන්ම Interstellar ෆිල්ම් එක ගැන කරපු, ඉතාමත් විශාල පාඨක අවධානයක් දිනාගත්තු, සවිස්තරාත්මක ලිපිය, Review එකෙන් පස්සේ මම අරාධනා කළා චානකට Interstellar ෆිල්ම් එක ගැන සාකච්ඡාවකට මගේ The ලොකු Effect Podcast එකෙන්.  ඉතින් Interstellar ෆිල්ම් එක කියන්නේ මම මගේ Podcast එකේ මුල ඉදන්ම සාකච්ඡා කරන්න ආසාවෙන් හිටපු ෆිල්ම් එකක්, නමුත් මේ වගේ ෆිල්ම් එකක රූපමය සංවේදනය වගේම විද්‍යාත්මක කරුණු පිලිබදව යම්කිසි විග්‍රහයක් කරන්න සුදුසු කෙනෙක් හොයා හොයා හිටපු අවස්ථාවක  තමයි මට චානකව හම්බවුනේ. මම විශ්වාස කරනවා චානක Interstellar පැහැදිලි කරන්න එයාගේ ලිපියෙන් හොද උත්සහයක් ගන්නවා වගේම, මේ සාකච්ඡාවේදීත් ඉතාමත් සාර්ථක උත්සාහයක නියැලෙනවා කියලා.  චානක එයාගේ ලිපියෙන් සාකච්ඡා නොකරපු කරුණු ගණනාවකුත් අපි මේ Episode එකේදී සාකච්ඡා කරනවා. එහෙනම් හැමදාම වගේ කියන්න තියෙන්නේ, හොද ලමයි වගේ Episode එක අන්තිම වෙනකම් අහලා ඔයාලගේ අදහස් උදහස් විචේචන ඉදිරිපත් කරන්නත් අමතක කරන්න එපා.      --------------------------------------------------           Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect   Join "The Loku Effect" Facebook Group www.facebook.com/group/thelokueffect

2356 232